මාර්තු මස 10, 11 දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (09) දින රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පවතී.