ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .
ශ්රී ලංකා මහ බැංකුවයි ඒ බව වාර්තා කරන්නේ .
2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව නිල සංචිත වත්කම් හි 0.5% ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේදී දැකගත හැකියි .
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 ක් දක්වා 0.7% කින් 2025 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් තිබෙනවා .