ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්‍රියාත්මක කෙරෙන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍යය උලෙළ 2025, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සහ ටවර් රඟහලේදී අද (11) සිට 20 වැනිදා දක්වා පස්වරු 3.30ට සහ 6.30ට පැවැත්වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම හා පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම පිණිස නාට්‍යකරුවන්, රංගන ශිල්පීන්, කලාකරුවන්, ටවර් හෝල් රඟහල පදනම කාර්ය මණ්ඩලය හා ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ විද්‍යාර්ථයන් ඇතුළු පන්සිය දෙනකුගේ සහභාගිත්වයෙන් නාට්‍ය පෙරහරක් ඊයේ (10) පවත්වනු ලැබුවා.
මෙවර නාට්‍ය උලෙළේ විශේෂත්වය වන්නේ දිගු නාට්‍ය දාහතරක්, කෙටි නාට්‍ය දොළහක්, ළමා නාට්‍ය, පාසල් සිසුන් සඳහා අවශ්‍ය විෂය නිර්දේශයට අදාළවන නාට්‍ය, ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නාට්‍ය, විදේශ නාට්‍ය මෙම උලෙළ නියෝජනය කිරීමයි.
මේ සියලුම නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළ ජාතික යෞවන සම්මාන උලෙළ අවසාන වටය නියෝජනය කළ හෝ විදේශ නාට්‍ය නියෝජනය කළ නාට්‍යයි.
එවැනි නාට්‍යය 34ක් මෙවර නාට්‍ය උලෙළට තෝරාගෙන තිබෙනවා.
පෙබරවාරි මාසයේ ලංකාවේ පවත්වන පළමුවන ප්‍රධාන පෙළේ නාට්‍ය උලෙළ මෙයයි.
නාට්‍ය පැවැත්වෙන සෑම දිනකම ටවර් නාට්‍යකරුවන් දෙදෙනෙකුට උපහාර තිළිණ සහ මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.