ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා සහ (Khaled Nasser AIAmeri)බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර හමුවක් සිදුව තිබෙනවා .
එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා පවසා ඇත්තේ ඉතා සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති රටක් ලෙස ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තනය ඉතා සුබවාදී ලෙස දකින බවයි .
විශේෂයෙන් බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා පිළිබඳව ඉතා උනන්දුවෙන් සිටින බව ද ඒ මහතා පවසා තිබෙනවා .
තවද ඉදිරි දිනවලදී කිරීමට නියමිත ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය, ඉහත අයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට හා විවිධ එකඟතා ඇතිකර ගැනීමට ඉතා සුදුසු අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ
ලාංකිකයන් විශාල වශයෙන් රැකියා කරන ලංකාවේ හයවෙනි අපනයන වෙළෙඳපොළද වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ධනවත් හා සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසත්, දැඩි මිත්‍රත්වයකින් බැදුණු රටක් ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බැදුණු සියළුම ආකාරයේ සම්බන්ධතා ඉතාමත් අගය කරන බවයි එහිදී කරුණු දැක් වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසා තිබෙන්නේ .
විශේෂයෙන් බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන සම්බන්ධතා එම මිත්‍රත්වය තවත් දැඩි කරනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා .
කලාපයේ බලශක්ති ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළ ඇමතිවරයා ජනාධිපතිවරයා සමග ඉදිරි සංචාරයට සහභාගී වන නිසා එහිදී තවත් එකඟතා රැසැක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ .