ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා .
රෝග නිවාරණයේදී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කරගත යුතු බවයි අමාත්‍යවරයා එහිදී කියාසිටියේ.
ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කළ අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක වී තිබෙනවා .
නිරෝගී ජාතියක් උදෙසා රෝග නිවාරණය හා ප්‍රතිකාර කිරීමේ දී ඖෂධ වලින් එහා ගිය ලෝකයක් තිබෙන බව අවබෝධ කරගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.