ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් රටවල් කිහිපයක් සහ ගෝලීය නායකයින් කිහිප දෙනෙකු සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා .
එමගින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව යළි තහවුරු කර තිබෙනවා .
ශ්‍රී ලංකාවේ දිගුකාලීන සගයෙකු වන එක්සත් ජනපදයේ සුබපැතුම එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝයි ප්‍රකාශ කළේ
නිල ප්‍රකාශයක් මගින් රාජ්‍ය ලේකම් අවධාරණය කළේ, ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ශක්තිමත් මානව සම්බන්ධතා මත ගොඩනැගුණු දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය දිගු කල් පවතිනු ඇති බවයි.
තවදුරටත් එහි වෙළඳාම, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවත් සුභවාදී අදහස් පළ කර තිබෙනවා .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද නිදහස් දින සුබපැතුම් සමාජ මාධ්‍ය පණිවුඩ හරහා පිරිනැම තිබෙන බව සඳහන් .
දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාවේ උනන්දුව ඔහු යළිත් තහවුරු කර තිබෙනවා .
චීන ජනාපති, චීන අගමැති සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතාගේ නිදහස් දින පණිවුඩය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය හරහා නිල පණිවුඩයක් යොමු කරමින් පිරිනැමූ බවයි සඳහන් වන්නේ .
ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීමයි මෙම පණිවිඩය මගින් අවධාරණය කර ඇත්තේ .
මීට අමතරව, ප්‍රංශය, බෙල්ජියම සහ කියුබාව ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාවට සුබ පැතුම් පළ කර ඇති අතර, එය ශ්‍රී ලංකාව ලොව පුරා දිනා ඇති ශක්තිමත් සහ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිළිබිඹු කරනු ලබනවා .
ශ්‍රී ලංකා රජය මෙම සුබපැතුම් සඳහා අවංක ප්‍රසාදය පළ කරන අතර සාමය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අර්ථවත් හවුල්කාරිත්වයන් මුලපිරීමට කැපවී සිටිනවා .