මීගමුව නගරය අවටින් වාර්තා වූ දේපල සොරාගැනීම් රැසක් පිළිබඳව විමර්ශන සිදුකළ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඊට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනා සොරාගත් යතුරුපැදි 02 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා .
කොච්චිකඩේ පොලිස් වසමේ දළුවකොටුව ප්රදේශයේදී ඊයේ (3) දින උදෑසන කාලයේදීයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේදී, ඔවුන් කටාන පොලිස් වසමේ කොල්ලකෑම් හා දේපල සොරාගැනීමේ අපරාධ 06 ක්ද, මීගමුව පොලිස් වසමේ දේපල සොරා ගැනීමේ අපරාධ 02 ක්ද, කොච්චිකඩේ පොලිස් වසමේ දේපල සොරා ගැනීමේ අපරාධයක් සහ වේයන්ගොඩ පොලිස් වසමේ දේපල සොරා ගැනීමේ අපරාධයක් සිදුකරන ඇති බවට අනාවරණය වී තිබෙනවා .
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 34 ක් සහ වයස අවුරුදු 43 ක් වූ ඒකල හා දළුවකොටුව ප්රදේශවල පදිංචිකරුවන්
කටාන පොලිස් ස්ථානය විසින් ඔවුන් දෙදෙනා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .