නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ .
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස්නව ලක්ෂය ඉක්මවන බවයි සඳහන් වන්නේ .
අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් .
මේ වන විට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 07 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.