එප්පාවල පැරණි යෝධ ඇළ සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
කලාවැවේ සිට අනුරාධපුර තිසාවැව දක්වා සැතපුම් 54ක් ජලය ගෙන යන දේශීය ඉපැරණි වාරි තාක්ෂණයේ අද්විතීය නිර්මාණයක් ලෙසයි යෝද ඇළ හැඳින්වෙන්නේ.
ධාතුසේන රජු විසින් කරවන ලද යෝද ඇළ පසුව විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් කෙරුණා.
කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ජය ගඟ අලුතින් ඉදි කිරීම නිසා ඉපැරණි යෝද ඇලෙහි කොටසක් භාවිතයෙන් ඉවත් ඈත් කෙරුණා.
එම කොටස මේ වන විට වල්වැදි විනාශ වෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මෙම ස්ථානය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ මෙය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවයි.