ආර්ථික ක්‍රියාවලිය සඳහා අඩු ආදායම් ලාභීන් දායක කර ගනිමින් දුගීබව තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා පවසනවා.
අස්වැසුම වැඩසටහන මේ යටතේ කප්පාදු කිරීමක් සිදුනොකරන අතර තවදුරටත් ඒ සඳහා ඉල්ලුම්කර සිටින ලක්ෂ 5ක පිරිසක් සඳහා ප්රතිලාභ ලබාදීම සැළසුම බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන පිළිබද නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්ථමේන්තුව සමග එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.