ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ අනුශුරතාව හිමිකර ගත් ඉෂාදි අමන්දා අද (04) උදෑසන දිවයිනට පැමිණියා.
40 වෙනි ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පසුගියදා පැවැත්වුණා.
ඒ රටවල් රැසක විවාහක රූ රැජිණියන්ගේ සහභාගීත්වයෙනුයි.
ශ්රී ලංකාවෙන් මීට ඉදිරිපත් වු ඉෂාදි අමන්දා මෙම තරගයේ දෙවන ස්ථානය හිමිකර ගත්තේ ශ්රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින්.
ඇය අද (04) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ මහත් හරසරින් පිළිගනු ලැබුවා.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය එය සංවිධාන කර තිබුණා.