77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.
“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් සහභාගි කරවා ගැනීමට ද රජය සැලසුම් කර තිබෙනවා.
නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනසකට භාජන කර ඇති අතර මින් පෙර යෙදාගත් හමුදා සංයුතිය 40%කින් අඩු කර තිබෙන බව සඳහන්.
ඒ අනුව හමුදා සාමාජිකයන් 1873කු පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිතයි.
ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇති අතර ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබෙනවා.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලබනවා.
ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ අද (04)දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.
අද (04) දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ අතර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණෙන මහජනතාව බෞද්ධාලෝක මාවතෙන් පැමිණිය යුතු අතර පසුව රූපවාහිනි පරිශ්‍රය ආසන්නයෙන් පරීක්ෂාවට ලක්කර ආසන වෙත යොමු කෙරෙණු ඇති.
බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දිය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, ආර්.අස්.පී හන්දියෙන් රාජ්‍ය පරිපාලනය දෙසට ඇතුළු වීම, විජේරාම විද්‍යා මාවතෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමින් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම හා නිදහස් පදනම් හන්දියෙන් නිදහස් මාවතට ඇතුළු වීම මාර්ගය වසා ගමනා ගමනය සීමා කර තිබෙනවා.
කොළඹට ඇතුළ වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පහත සඳහන් මාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කර තිබෙනවා.
නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන වාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වී තුම්මුල්ලට හා බොරැල්ල කනත්ත දෙසටත් ගමන් කළ හැකියි.
මේ අතර බෞද්ධාලෝක මාවතෙන් හෝර්ටන් වටරවුම දක්වා පැමිණෙන වාහන විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් දෙසට ගමන් කළ හැකියි අතර, විජේරාම හන්දියෙන් විද්‍යා විජේරාම හන්දියෙන් තුම්මුල්ල දෙසට යන වාහන විද්‍යා විජේරාම හන්දියෙන් බුලස් විජේරාම දෙසට පැමිණ බොරැල්ල කනත්ත දෙසට හා තුම්මුල්ල දෙසට ගමන් කළ හැකියි.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ අඩු පිරිවැයකින්, මහජනතාවට සිදුවන පීඩා අවම වන ආකාරයෙන් සහ වැඩි ජන සහභාගීත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමටයි.
අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසනවා.
මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසනවා.