ඇමරිකා ජනාධිපතිවරයා රටවල් කීපයකට තීරුබදු පැනවීමත් සමග ආසියා කොටස් වෙළෙඳපොල කඩා වැටීමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව, මෙක්සිකෝව සහ චීනය මත තීරුබදු පැනවීමත් සමග අද (03) ආසියා කොටස් වෙළෙඳපොළ කඩා වැටීමකට ලක් වී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
හොංකොං හි හැන්ග් සෙන්ග් දර්ශකය 0.4% කින් ද, ජපානයේ නික්කෙයි 225 දර්ශකය 2.6% කින් ද, දකුණු කොරියාවේ කෝස්පී දර්ශකය 2.5% කින් ද, ඕස්ට්‍රේ ලියාවේ ඒ එස් එක්ස් 200 දර්ශකය 1.8% කින් ද පහත වැටීමකට ලක්ව තිබෙනවා.
නව තීරු බදු පැනවීමත් සමග ඇමරිකාවට අපනයන සිදු කිරීමේදී කැනඩාව සහ මෙක්සිකෝව 25% ක තීරුබද්දක් ගෙවිය යුතු වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
චීනයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බද්ද 10%ක්.