පාකිස්තානයේ කරච්චි නුවර අධික ශීතල හේතුවෙන් පුද්ගලයන් 43දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
පාකිස්තානයේ අතිශය කාර්යබහුල කරච්චි නුවරට මේ දිනවල අධික ශීත කාලගුණික තත්ත්වයක් බලපා තිබෙන බවයි එරට මාධ්‍ය සඳහාන් කළේ.
ඒ හේතුවෙන් දින 45ක් ඇතුළත පුද්ගලයන් 43 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
මිය ගිය වැඩි දෙනෙකු පදික වේදිකා මත ජීවත්වන අවතැන්වූවන්.
ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අය බවයි වාර්තා වන්නේ.
කරච්චි නුවර දරුවන් සහ කාන්තාවන් ඇතුළුව හැටදහසකට අධික පිරිසක් පදික වේදිකාවල ජීවත් වනවා.
පෙරේදා වන විට කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5 දක්වා පහත වැටී ඇති අතර, රාත්‍රී කාලයේදී පවතින අධික සුළං තත්ත්වය සමඟ නගරයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.7 දක්වා පහත වැටී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.