ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන විස්සයි විස්ස තරගය ලකුණු 150කින් ජය ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 247 ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අභිෂේක් ෂර්මා පන්දු 54 කදී වේගවත් ලකුණු 135ක් රැස් කිරීමට සමත්වුණා.
ඊට 4 පහර 7ක් සහ 6 පහර 13ක් ඇතුළත්.
කෙසේ වෙතත් අභිෂේක් ශර්මා වාර්තා කරන ලද මෙම ලකුණු 135 ඉන්දීය ක්‍රිඩකයෙකු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වුණා.
එමෙන්ම මෙම තරගයේ දී ඔහු එල්ලකළ හයේ පහර 13 ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී ඉන්දීය ක්‍රිඩකයෙකු ඉන්දියාව වෙනුවෙන් එල්ලකරන ලද වැඩිම 6 පහර සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.
පන්දු යැවීමේදී මාර්ක්වුඩ් කඩුළු 02ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 97ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ෆිලිප් සැල්ත් ලකුනු 55ක් රැස් කළා.
පන්දු යැවීමේදී මොහොමඩ් සාමි කඩුළු 3ක් බිඳ හෙළුවා.
තරගයේ වීරයා අභිෂේක් ෂර්මා.