අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදි සිදුවු ගැටුමකදි පුද්ගලයින් 3 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.
6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිවසකට ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙම දෙපාර්ශවය අතර කලක සිට ගැටුම් පැවති ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.