කාන්තා වයස අවුරුදු 19න් පහළ T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ කඩුළු 09කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්.
අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හිදී අද (2) පැවැත්වුණා.
මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 82ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය 19 න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු දෙකක් අවසානයේ එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් හිමිකර ගැනීමට සමත් වුණා.