පවතින අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර තිබෙනවා .
ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා තිබෙන බවයි වාර්තා වන්නේ .
මෙම පිරිස සඳහා අවශ්‍ය සහන ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී තිබෙනවා .
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රදේශවල මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ .