පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති බවයි
දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
තේ එකක මිල රුපියල් 200ක් .
මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.