2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 දෙසැම්බර් මාසය සඳහා -2.0% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(21) දින, නිකුත් කළ 2024 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයේ මේ බව සඳහන්.
2024 නොවැම්බර් මාසයේ දී 0.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී -1.0% ක් දක්වා අඩු වී තිබෙනවා.