මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සිය වෘත්තීයට අදාළ අංග සම්පූර්ණ නේවාසික හා කෙටි කාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධාන කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් ඔවුන් අමාත්‍යවරයා වෙත මෙහිදී භාර දී තිබෙනවා .
ඉන් කරුණු කිහිපයකටම එම අවස්ථාවේම විසදුම් ලබාදීමට අමාත්‍යවරයාට හැකිව තිබෙනවා .
ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා විදිමත් සැලැස්මක් සකස් කරන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ .
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙනවා .
සියලු මාධ්‍යවේදීන් සඳහා වෘත්තීය උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය මුදලක් ලබාදීමේ හැකියාව සොයා බැලීම ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් රැසකට අමාත්‍යවරයා එකගතාව පළ කළා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට දිය හැකි සියලු විසදුම් ලබාදීමට කැප වන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ.
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත ප්‍රියදර්ශන , ලේකම් චතුර දේශාන් යන මහත්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා .