ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131 වන සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරත්න පෙරේරා මහතා පත්කෙරුණා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ධුරය දැරූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් නව සභාපතිවරයා වෙත එම ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුකෙරුණා.
කොළඹදී පැවති එම උත්සවයේ දී නව සභාපතිවරයා විසින් සෞඛ්‍ය සාධාරණත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම පිළිබද විශේෂ දේශනයක් පැවැත්වූවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන්, විශේෂ ආරාධිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.