මුන්දලම බත්තුලු ඔය ප්රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කර එහි සේප්පුවේ තිබූ රුපියල් එක්ලක්ෂ හතලිස් එක්දහසකට වැඩි මුදලක් සොරකම් කර තිබෙනවා.
සිද්ධියට අදාළ සැකකරුවෙකු සොරකම් කළ මුදල් සමග ම බත්තුලු ඔය ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
මුන්දලම බත්තුලු ඔය ප්රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව කළ විමර්ශනවලදී හෙළිවුයේ මෙම ආයතනයේ ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.
පෙරේදා රාත්රියේ මෙම සිද්ධිය සිදුව ඇති අතර ඊයේ උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේ දී ආරක්ෂක නිලධාරියා තුවාල සහිතව මියගොස් සිටි බවටයි පොලීසියට තොරතුරු ලැබී තිබෙන්නේ.
එම ආයතනයේ සේප්පුවක තිබූ රුපියල් එක්ලක්ෂ හතලිස් එක්දහසකට වැඩි මුදලක් ද කොල්ලකා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු බත්තුලු ඔය ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
සේප්පුවේ තිබී සොරකම් කළ මුදල් ඔහු සතුව තිබී සොයාගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.