කූඨ ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන, ජර්මනිය වෙත පළායාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු යාපනය, ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.
ඔහු අද(11) දින උදෑසන 08.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු නවදිල්ලි නුවර වෙත මුළින්ම ගමන් කිරීමෙන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජර්මනිය වෙත යාමටයි උත්සාහ කර ඇත්තේ.
සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී ඔහු ඉදිරිපත් කළ ජර්මන් වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කර තිබූ එකක් බවට කරුණු අනාවරණය වී තිබුණා.
මීට අමතරව මොහු ජර්මන් ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින්, ඔහු පසුගියදා කන්කසන්තුරය වරායෙන් මෙරටට ඇතුළු වූ බවට, ව්‍යාජ ආගමන විගමන මුද්‍රාවක් ද සිය ගමන් බලපත්‍රය තුළ සටහන් කර ගෙන තිබුණා.
මෙම කරුණු සියල්ල අනාවරණය වීමෙන් පසුව, මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළා.