ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන අතර එහිදී දෙරටේ ජනාධිපතිවරු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එම සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අගමැති ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අමාත්‍යංශය සඳහන් කරන්නේ.