කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව සඳහන්.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.