ඊයේ (10) මධ්‍යම රාත්‍රීයෙන් පසු සහල් ආනයන කිරීමට ලබාදුන් කාලය අවසන් වුණා.
සහල් ආනයනය තවදුරටත් දීර්ඝ කරන්නේ නැති බවයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලුණුගම්වෙහෙර පන්නේගමුව සහල් මෝල යළි සක්‍රීය කිරීමට ඇති හැකියාව පිළිබද සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි.
මෙරට වෙළඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවු පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට පසුගියදා විශේෂ අවසරයක් ලබාදුන්නා.
ඒ අනුව පසුගිය දෙසැම්බර් 4 වනදා සිට ඊයේ (10) මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට ආනයනය කර රේගුවෙන් නිශ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හැටහත්දහස ඉක්මවනවා.
ඊට කැකුළු සහල් ටොන් 66000ක් ද තැම්බු සහල් ටොන් එක්ලක්ෂ එක්දහසක් ද අයත් වනවා.
නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා ලුණුගම්වෙහෙර පන්නේගමුව සහල් මෝල යළි සක්‍රීය කිරීම සහ ගබඩා සංකීර්ණය නවීකරණය කර වී ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට එම ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.