කොළඹ වරාය නගරයේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත් හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ශෙන්හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මරීනා ඩිවලොප්මන්ට් ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කෙරෙනවා.
ව්‍යාපෘතිය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම විශාල ප්‍රමාණයේ නෞකා නැංගුරම්ලා තැබීමටත් ඒ සඳහා අවශ්‍ය සංචාරක පහසුකම් සැපයීමටත් හැකිවනවා.
හෙක්ටාර තුනකට අධික භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන ව්‍යාපෘතියට සමුද්‍රීය අවන්හල් මෙන්ම සංචාරකයින් සඳහා විනෝදාස්වාදය සපයන අංග ගණනාවක් ඇතුළත්.
වරාය නගර ව්‍යාපෘතියේ සභාපති හර්ෂ අමරසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.