ආනයනික බහාලුම් නිශ්කාෂනයේ පවතින ප්‍රමාදය නිරාකරණය කිරීම සදහා නිත්‍යානුකුලව ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
මේ පිළිබදව හෙට දිනයේ ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ආනයනික බහාලුම් නික්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800ත්, 1000ත් අතර ප්‍රමාණයක් වරාය තුළ පවතින බවට තොරතුරු වාර්තා වුණා.
මේ අතර සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබු කාලය ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වුණා.
මෙරට වෙළදපොළේ නාඩු සහ කැකැලු සහල් හිගයක් මතුවු පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට පසුගියදා විශේෂ අවසරයක් ලබා දුන්නා.
ඒ අනුව පසුගිය දෙසැම්බර් 4 වනදා සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට ආනයනය කර රේගුවෙන් නිශ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හැටහත්දහස ඉක්මවනවා.
ඊට කැකැලු සහල් ටොන් 6600ක් ද තැම්බු සහල් ටොන් එක්ලක්ෂ එක්දහසක් ද අයත් වනවා.