අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව තිබෙනවා .
වැලි කොට්ට යොදා ජල කාන්දුව පාලනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, යුද හමුදාව සහ ගම්වාසීන් උත්සාහ කළද තත්ත්වය පාලනය කිරීමට තවමත් හැකිව නොමැති බවයි වාර්තා වන්නේ .
අවදානම් තත්ත්වයේ සිටින පවුල් රැසක්ම ගම්මානයෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා .
ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ මෙම ජල කාන්දුව ඇතිව තිබෙන බව වාර්තා වෙනවා .
අනුරාධපුර දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂ එච්.කේ. ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7200ක් වුවත් පසුගිය දිනවල ප්රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග වාරිමාර්ග ඔස්සේ ජලාශයට වැඩි ජල ප්රමාණයක් එක් රැස්ව ඇති බවයි.
මෙම සිද්ධියත් සමග ප්රදේශයේ පිහිටි දිවුල්වැව මහා විදුහල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙන අතර දුටුවැව සිට යකල්ල දක්වා දිවෙන ප්රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද සීමා කර ඇත්තේ වැව කැඩීයාමේ අවදානම හේතුවෙන් .
මේ වන විට ගම්මානයේ පවුල් තිහක් සිය නිවාස වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ .