අනුරාධපුර බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ කසළ එකතු කරන ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇඳ වැටී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 44ක් වූ දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටින අතරතුර මෙලෙස හදිසි අනතුරට ලක්ව මියගොස් ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.