ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබෙනවා .
අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණක් සම්බන්ධයෙන් අවධාරණය කරමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ .
ගෙවීම් වශයෙන් අනුමත වී ඇත්තේ රුපියල් ලක්ෂ 09ක් පමණක් වන අතර , එම ගෙවීම්ද මෙතෙක් සිදු කර නැති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා .
ඊයේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර වෙබ් අඩවිය සෑදීමට හෝ එම සංගීත ශිල්පියාට හෝ ගීතය ලිවීමට ගිය මිල ගණන් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා .
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 09ට වඩා වියදම් වී නැති අතර වියදම් කරන්නේද නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ .