පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා .
නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ .
මිරිහාන ප්රදේශයේ පිහිටි සිය අසල්වැසි නිවසක පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට ලද පැමිණිල්ලක් මත අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා .