2024 /2025 මහකන්නයේ සිදුව ඇති වගා හානි වපසරිය අක්කර 74,000 දක්වා අඩු වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
වගාහානි පරික්ෂාව මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
දැනට පරික්ෂා කෙරෙන්නේ යාපනය, කිලිනොච්චිය, ත්රිකුණාමලය සහ මන්නාරම ආදී ප්රදේශවල සිදු වූ වගාහානි තත්ත්වයන් බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
සුළු වහයෙන් දිවයින පුරා සිදු වූ හානි පරික්ෂාව ද මේ වන විට සිදු කරමින් පවතිනවා.
පරික්ෂාව අවසන් වූ දිස්ත්රික්කවල වන්දි ලේඛණ සම්පූර්ණ කිරීම හා තක්සේරු කමිටු නිර්දේශ ලබාගනිමින් පවතින බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුන්නේ.