ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ආකාරය, එහි සන්දර්භය හා ඉලක්කයන් පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (10) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙනුුුයි මෙම වැඩසටහන පැවැත්වුණේ.
මිනිස් ජීවිතයට නිවැරදි වටිනාකම ලබා දීම, පරිසරය සුවපත් කිරීම, ආදර්ශ ලබා දීම, මග පෙන්වීම හා යහපත් ලෙස වෙනස්වීමේ අවශ්‍යතාවය තහවුරු කිරීම තුළින් පුද්ගල ජීවන රටාවන් යහපත් වෙනසකට ලක්කිරීම, ප්රමිතිකරණය, යහපත් පුරුදු ඇති කිරීම, ජීවන තත්ත්වයන් උසස් කිරීම වැනි විවිධ අංශ ඔස්සේ සමාජ, ආර්ථික, ආචාර ධර්ම පද්ධතීන් තුළ දීර්ඝ කාලීන යහපත් වෙනස්කම් සිදු කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දැනුවත් කිරිම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධික ජයතිස්ස මහතා එක්ව සිටියා.
මෙම අවස්ථාවට නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ශාලිකා ලිදකුබුර මහත්මිය ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ඒක්ව සිටියා.