සාමාන්‍ය වෛරසය “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.
මෑතකදී චීනයේ HMPV නම් වෛරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව වැඩි වූ අතරම චීනයේ “නාඳුනන වෛරසයක් ” බිහි වූ බවයි අන්තර්ජාලයේ වාර්තා වී තිබුණේ.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ තොරතුරු පැහැදිලි කර තිබෙනවා.
වාර්තමානයේ චීනයේ ශ්වසන රෝග පැතිරයාමේ පරිමාණය හා ප්‍රබලතාව පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව අඩු වූ බවයි ඒ් මහතා පෙන්වා දී ඇත්තේ.
වසර 60කට අධික කාලයක් මිනිසුන් අතර පවතින HMPV වෛරසය, ශ්වසන රෝග ඇති කරන සාමාන්‍ය වෛරසයක්.
සාමාන්‍ය වෛරසයත් නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බවත් එය විද්‍යාවට අනුකූල නොවන බවයි වාර්තා වන්නේ.
චීන රජය සැම විටම සිය ජනතාව හා චීනයේ සිටින විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් කොටයි සලකන්නේ.
නිසි පියවර ගනිමින් චීනය දෙස් විදෙස් සංචාරකයන් සඳහා සැපවත් මෙන්ම සුරක්ෂිත සංචාරක පරිසරයක් වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවයි Guo Jiakun මහතා කියා සිටිනවා.