කහතුඩුව පොලිස් වසමේ වෑතර ප්‍රදේශයේදී ඊයේ (09) දින සවස් කාලයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 57 මිලිග්‍රෑම් 920 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 940 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 සහ 52 වයස්වල පසු වන වේයන්ගොඩ සහ පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ .
සැකකරුවන් පිළිබඳව කහතුඩුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .