යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අදින් අවසන් වනවා.
ඒ අනුව බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද සිදු කෙරෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි.
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී මධ්‍යම පළාතේ ආරම්භ වූ අතර පසුව එය සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේ.
මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනාද සැලකිල්ලට ගෙන මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු සඳහා අවසන් තීරණය ලබන 17වන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව එම කොමිෂන් සභාව සඳහන් කර තිබුණා.
අද දිනයේත් දේශපාලනඥයින්, විවිධ සංවිධානවල නියෝජිතයින් , සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් දැක්වූවා.