ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු පර්යන්ත පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට වාර්තාගත වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා.
කොළඹ වරාය කලාපයේ ප්රමුඛ සමුද්‍ර හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත්කමද ඉන් තවදුරටත් ඉස්මතු වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ.
පසුගිය වසරේදී බහාලු මිලියන 2.4කට අධික ප්‍රමාණයක් හසුරුවා ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ.
2023 වසරේ දී හසුරුවා තිබෙන්නේ බහාලුම් මිලියන 1.9ක ප්‍රමාණයක්.
ඒ අනුව පසුගිය වසරේදී එය 23%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙනවා.
නැගෙනහිර බහාලු පර්යන්තය දිගින් මීටර 400 ඉක්මවා තිබෙනවා.
බහාලුම් විසිතුන් දහසකට වඩා රැගෙන යා හැකි නැව් ඇතුළු ලොව විශාලතම නෞකා හැසිරවීමටත් ඊට හැකියාව පවතින බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.
සමස්ත කොලඹ වරාය පසුගිය වසරේදී බහාලු මිලියන 7.7ක් හසුරුවමින් එහි ප්රශස්ත මට්ටම අත්කර ගෙන තිබෙනවා.
2026 වසර වන විට සමස්ත කොළඹ වරායේ ධාරිතාව බහාලු මිලියන 15 දක්වා වර්ධනය කිරීමට හැකිවනු ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ.