ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් පුරා පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීම දැඩි අසීරු කටයුත්තක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ වනවිට ලොස් ඇන්ජලීස් අවට ලැව් ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වනවා.
ලැවිගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 5300කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ගිනිනිවන අංශ තහවුරු කරනවා.
ගින්න හට ගැනීමට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි ඔවුන් පවසන්නේ.
අතහැර දැමූ නිවෙස් කොල්ලකමින් සිටි පුද්ගලයින් 20 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
එමෙන්ම ඇතැම් ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පැනවීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.
ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයින් ගණනාවක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට මෙම ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000ක් පමණ යොදවා ඇති අතර ගින්නෙන් අක්කර 35,000කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී අවසන්.