අනුරාධපුර තලාව මොරගොඩ ගම්මානයට හා හිඟුරුවැව ගම්මානයට වන අලීන්ගෙන් එල්ල වන තර්ජන ඉහළ ගොස් තිබෙනවා.
මොරගොඩ රක්ෂිතයේ සිට රාත්රී කාලයේ මෙසේ වන අලීන් ගම්වදින බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
ගම්මානවලට පැමිණෙන වන අලීන් වී වගාව මෙන්ම අනෙකුත් බෝග වගාවන් විනාශ කරනවා.
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වන අලීන් විල්පත්තුව රක්ෂිතයට පළවා හැරීම පසුගිය දා සිදුකෙරුණා.