ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ කොටුව දුම්රිය ස්ථානය ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා.
දුම්රිය ස්ථානය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරීම , පින්තාරු කිරීම මෙන්ම අලංකාර කිරීම ද මේ අනුව සිදුවුණා.
මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ අයි ඩී ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා.
කොටුව දුම්රිය ස්ථානයට බැස්ටියන් මාවතෙන් පිවිසෙන අය සඳහා ටිකට් පත් කවුලුවක් හා පිවිසුම් මාර්ගය විවෘත කිරීම ද මෙහිදි සිදුවුණා.