ඉස්ලාම් ආගමට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට මාස 9ක ලිහිල් සිරදඬුවමක් නියම කෙරුණා.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ ඉස්ලාම් ආගමට අපහාස කර තිබෙනවා.
ජාතීන් අතර සංහිදියාව උල්ංඝනය වන ආකාරයේ කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනුකළා.
එහි තීන්දුව ලබාදුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඊට අමතරව රුපියල් 1500ක දඩයක් ද අධිකරණය නියම කළා.