මිනුවන්ගොඩ කොටුගොඩ දඩුගම්ඔය ආශ්රිතව පවත්වාගෙන ගිය දැවැන්ත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය සමත්වුණා.
දඩුගම්ඔය ආශ්රිතව කලක් පුරා මෙම මත්පැන් නිෂ්පාදනය සිදුකර තිබෙනවා.
ගොඩා බැරල් 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මෙහිදි අත්අඩංගුවට ගැණුනා.
මෙය ගම්පහ ප්රදේශයෙන් සොයා ගත් විශාලතම නීති විරෝධි මත්පැන් තොගය බවයි වාර්තා වන්නේ.
බෙම්මුල්ල පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදුකළා.