දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්රයක්. මෙරට සිදු කෙරෙන විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරනවා.
ජනවාරි 7 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා .
ලංකාවේ විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 2025 වසරේ සභාපතිධුරයට මහාචාර්ය උදේනි පී.නවගමුව මහතා තෝරා පත්කර ගැනීමද මෙම උත්සවයේදී සිදු කෙරුණ බවයි සඳහන් වන්නේ .
සමාරම්භක උත්සවය ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යාත්මක ආයතනය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, විවිධ විෂය ක්ෂේත්රයන් නියෝජනය කරන සාමාජිකයින් 5,000 කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් සක්‍රීය ප්‍රජාවක්, වගේම ශ්‍රී ලංකාවේ පොහොසත් විද්‍යාත්මක වපසරිය පිළිබඳ සැබෑ සාක්ෂියක් .
ගෝලීය වශයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා හෙට දින බිහිවන විද්‍යාඥයින් දැනුමෙන් හා අත්දැකීම්වලින් සන්නද්ධ කරමින් විද්‍යාව සහ තාක්ෂණයේ ප්රගමනය උදෙසා සංගමය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බවත්, අප ලබාගත් ජයග්‍රහණය සමරන අතරම, අප හමුවේ ඇති අභියෝග හඳුනාගෙන සංවර්ධනය සඳහා වූ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම සිදුකළ යුතු අතර ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන යටිතල පහසුකම් මෙන්ම තරුණ පර්යේෂකයන් සඳහා ඉඩප්රස්ථා හා මගපෙන්වීම ලබාදීම රටක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයි.
කෙසේ වෙතත්, අප මුහුණ දෙන වර්තමානය ගැන කල්පනා කරද්දී, අපගේ තත්ත්වය ගැන සතුටු විය නොහැකි බව අප පිළිගත යුතුයි.
අපගේ පර්යේෂණ සංස්කෘතිය ඇත්ත වශයෙන්ම නවෝත්පාදන හෝ නිර්මාණශීලීත්වය අවදානය යොමුකොට නැහැ, අපගේ පර්යේෂකයන් බොහෝ විට අප අවට ලෝකය පිළිබඳ දැනුම හා කුතුහලය රැස් කිරිමට වඩා සේවයෙන් උසස්වීම් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම බහුලව දකින්න පුළුවන්, විද්‍යාව සෑම දරුවෙකු විසින්ම ලැබිය යුතු අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක්.
විද්‍යා අධ්‍යාපනය සහ පර්යේෂණ, න්‍යායික සහ ක්‍රමවේදීමය බව සහතික කරන අතරම, ප්‍රථිපලදායී බවට සහතික විය යුතුයි, මෙය අපේ රටේ කාලීන අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක අධ්‍යයන සහ පර්යේෂණ සඳහා අතදීම සහ ඒවා වැඩි දියුණු කිරිම වෙනුවෙන් රජය දැවැන්ත කාර්යභාරයක් ඉටු කරයි. අපගේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළින් පමණක් සෑහිමකට පත්විය නොහැකි අතර ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීම සඳහා වත්මන් රජය පුළුල් ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා .
දැවැන්ත ඉදිරි පිම්මක් (Quantum Leap ) නම් වූ අපගේ ප්‍රතිපත්ති රාමුව, ප්රමුඛපෙළේ විද්‍යා හා තාක්ෂණ කටයුතු සඳහා රජයේ මුඛ්‍ය කාර්යයභාරය අවධාරණය කරයිනම් මේ තුළින්, ශ්‍රී ලංකාව විද්‍යාත්මක සොයාගැනීම් සහ තාක්ෂණික ප්රගතියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සහතික කිරීම රජයේ අරමුණයි. ඊට අමතරව, ආර්ථිකය සහ ජාතික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස විද්‍යාවට සහ පර්යේෂණවලට ප්‍රමුඛත්වය දීමට රජය දක්වන කැපවීම අවධාරණය කරමින් වත්මන් රජය විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් ද එළිදක්වා ඇති බවද අග්‍රාමාත්‍යවරිය උත්සව සභාව අමතමින් සඳහන් කර සිටියා .