වී ගොවීන්ට ලබාදෙන පොහොර මුදල් සහනාධාරයට අමතරව මියුරියේට් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25239.73 ක පොහොර ප්‍රමාණයක් මේ වසර තුළ නොමිලේ ලබාදීමට මේ වන විට රජය සැලසුම් කර ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුදෙී ප්‍රකාශ කර තිබෙනවා .
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අගමැතිවරියගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි ඇය මේ බව කියා සිටියේ .
ගොවි සංවිධාන මඟින් ගොවීන්ගේ අදහස් ලබාගෙන එම අදහස් අධ්‍යයනය කර ගොවීන්ට සහන සැලසීමේ අරමුණෙන් කෘෂි කර්මාන්තයට හිතකර තීරණ ගන්නා බවත් ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් අගමැතිවරිය ප්‍රකාශ කර සිටියා .
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් සියයට 95 කට පොහොර සහනාධාරය ලැබී ඇති අතර සියලුම ගොවීන්ගේ රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ඉදිරි සති දෙක තුළ අනිවාර්යයෙන් ලබාදෙන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ .