නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (08) සිදුව තිබෙනවා .
ඒ අනුව තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමටයි නවසීලන්තයට හැකිව තිබෙන්නේ .
වර්ෂාව නිසා පන්දුවාර 37කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් වී තිබුණා .
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණයි .