මැතිවරණ වියදම් වාර්තා භාර නොදුන් පසුගිය මහමැතිවරණ අපේක්ෂකයන් 1042 දෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකුගේ තොරතුරු මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21 ක් තුළ පිලිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයාගේ ආදායම් හා වියදම් සම්බන්ධ වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතුයි.
එහෙත් පසුගිය මහමැතිවරණය හා අනුගත මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාරදීම මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් සම්බන්ධ වාර්තා මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.
එම වග උත්තරකරුවන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගිනුයි.
නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන සිදු කෙරෙනු ඇති.
ඒ අනුව ලබන 31 වනදාට පෙර එකී විමර්ශනවලට අදාළ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කිරීමට පොලිස්පතිවරයා සියලු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාසභාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.