අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා .
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයටයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ .
කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලිමෙන් පසුවයි අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්රයයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන්නේ .
ඒ අනුව ඔවුන්ට අද පස්වරු 1:00ත් සවස 6:00ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වාද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාරද, අවහිර නොකරන ලෙස ද මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට ඇතුළුවිම වළකින ලෙසද එම නියෝගයේ දැනුම්දී තිබෙනවා .