ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබෙනවා.
ඒ ඊයේ (ජනවාරි 07 ) පාර්ලිමේන්තු සංකීර්ණයේ දීයි.
මෙරට සංවර්ධනයට සම්බන්ධ කරුණු කිහිපයක් සඳහා ජයිකා ආයතනයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.
එසේම දෙරටේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.